දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සහ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ.
මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකුල ඊයේ හඳුනා ගැනුණා.
ඉන් 9 දෙනෙකු කන්ඳකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන්.
සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ තවත් රැඳවියන් 4 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිඛෙනවා.
සෙසු පුද්ගලයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමාන් සිට පැමි‚ පුද්ගලයින්.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2665 ක්.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පමණක් ආසාදිතයින් සංඛ්‍යාව 532 දෙදෙනෙකු මේ වන විට හඳුනාගෙන තිඛෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ