අම්පාර දීඝවාපී දාගැබේ දකුණු වාහල්කඩින් හමු වූ ශෛලමය මංජුසාවේ තිබී පළමුවරට සර්වඥ ධාතුන් වහන්සේ සහිත රන් කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා.
මෙරට පුරා විද්‍යා කැණීමකදී එකම ස්ථානයකින් හමුවූ වැඩිම රන් කරඬු ප්‍රමාණය මෙය බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා පවසනවා.
පසුගිය 18 වනදා එම ස්ථානයේ සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලදී මෙම ශෛලමය මංජුසාව හමු වී තිබෙනවා.
අම්පාර දිසා ලේකම් කාර්යාලයේ තැන්පත් කර තිබූ එය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් කළ පරික්ෂාවකින් අනතුරුව එහිදී මෙම රන් කරඬු තුළ ධාතුන් සහිත රන් මංජුසා 06 ක් සොයා ගැනීමට හැකිව තිබෙන අතර පළිඟු කරඬුවක්ද ඒ අතර වුණා.
05 වන සියවයට අයත් බව කියන මෙම මංජුසාව සියවස් ගණනාවක් තිස්සේ දාගැබේ දකුණු වාහල්කඩේ තැන්පත් කර තිබී ඇති අතර ඉතා අසීරුවෙන් ඉවතට ගත් මෙම රන් කරඬුව සහ ධාතුන්වහන්සේ වෙත උපහාර පවත්වා මහාසංඝයා වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ඣායනාවක්ද සිදු කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්