කොරෝනා වසංගතය හමුවේ සමස්ත ලෝකයම දැවැන්ත අර්බුද රැසකට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත්වලට සැනසිල්ලක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.
දීපාවලි දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නා.
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවාදරයෙන් සමරන දීපාවලි දිනය අදයි.
විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් දීපාවලී උත්සවය මහත් හරසරින් සමරනු ලබනවා.
තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියළු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කළ බවයි පුරාවෘතවල සඳහන් වන්නේ.
මෙම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ.
ඒ අඳුර දුරු කර ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ප්‍රඥාව පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකර ගනිමින්.
දීපාවලි සමයේ එම සැනසීම වෙනුවෙන් අප රටේත් ලෝකයේත් සියලූ හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි විශ්වාස කරන බව ද ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙදනයේ සඳහන්.
මේ අතර දීපාවලි දිනයට සුභපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ දීපවාලි උත්සවය ප්‍රජාවන් අතර සමගිය හා සහජීවනය ඇති කිරීමට අවස්ථාව සලසා දෙන බවයි.
ජනතාව අතර බෙදීමක් ඇති කරන සෑම වෙනස්කමක්ම ඉවත් කරන මොහොතක් ලෙස දීපාවලිය ඉතා වැදගත් බවයි මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කල සුභපැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර මහජනතාවට කෝවිල් වෙත ගොස් දීපාවලි දිනය සැමරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
දීපාවලී උත්සවය සැමරීමේදී කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ආගමික නායකයින් සහ හින්දු භක්තිකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ, ඊට අදාළ සෞඛ්‍ය සහ මාර්ගෝපදේශන ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කරමින්.
බස්නාහිර පළාත වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පිරිස් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඉන් පෙන්වා දෙන්නේ.
කෝවිල් සහ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතු අතර, අතට අත දීමෙන් සහ වැළද ගැනීමෙන් තොරව ආයුබෝවන් හෝ වනක්කම් යැයි කියමින් ආචාර කිරීම සුදුසු බව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව