මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන සහ ආපසු කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ පොදු ප්‍රවාහන සැළැස්ම අද (31) සිට ක්‍රියාත්මක වනවා.
එම වැඩපිළිවෙළ අගෝස්තු මස 10 දක්වා ක්‍රියාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.
අදින් (31) ඇරඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුවට මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය වාර කිහිපයක් සැළසුම් කර තිබෙනවා.
ජූලි 31 සහ අගෝස්තු 03 වනදා කොළඹ කොටුවේ සිට රාත්‍රී 07:35 ට ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 01:33 ට නානුඔය ට ළගාවනවා.
අගෝස්තු 01 සහ 04 වනදා පෙරවරු 08:10 ට නානුඔයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 02:49 ට කොළඹ කොටුවට ළගාවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ජූලි 31 – අගෝස්තු 02 හා අගෝස්තු 04 දිනවල කොළඹ කොටුවෙන් පස්වරු 6 ට ගමන් ආරම්භ කරන දුම්රිය අනුරාධුර දුම්රිය ස්ථානයට ළගාවන්නේ රාත්‍රී 10:30 ටයි.
අගෝස්තු 01 – 03 සහ 05 දිනවල අනුරාධපුරයෙන් අලුයම 03 ට ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට ළගාවන්නේ පෙරවරු 7:46 ටයි.
අගෝස්තු 31 වනදා රාත්‍රී 07 ට මරදානේ සිට ගමන් ආරම්භ කරන දුම්රියක් රාත්‍රී 11:23 ට බෙලිඅත්තට ළගා වනු ඇති.
අගෝස්තු පළමුවනදා බෙලිඅත්තෙන් පෙරවරු 6:45 ට ගමන් ආරම්භ කරන දුම්රියක් පෙරවරු 10:57 ට මරදානට ළගාවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.
කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ ගල්කිස්ස – කන්කසන්තුරේ හා කොළඹ කොටුව – බදුල්ල දෙනුවර මැණිකේ දුම්රිය අද (31) යළි ධාවනයට එක් කෙරේ.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළේ සිට අතිරේක දුරගමන් සේවා බස් රථ 200 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
පොදු ප්‍රවාහන සේවා සැපයීමේ දී කෙතරම් පිරිසක් ගමන් කළ ද කොවිඞ් 19 සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙල අනුව ප්‍රවාහන කටයුතු සිදුකෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්