ජපානයේ ටෝකියෝ නුවර දුම්රියක් තුළ ඊයේ (31) සිදුකළ සාහසික ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයකු පොලිස් අතඅඩංගුවට ගෙන තිබේ.
ජපානයේ ටෝකියෝ නුවර දුම්රිය උමං මාර්ගයක ධාවනය වූ දුම්රියක සිටි මගීන් ඉලක්ක කර තරුණයකු එම ප්‍රහාරය එල්ලකර තිබුණි.
ජපාන මාධ්‍ය පවසන්නේ “බැට් මෑන් කතා මාලාවේ එන ජෝකර්” නැමැති දුෂ්ටයාගේ ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටි එම තරුණයා දුම්රියේ සිටි මගීන් ඉලක්ක කර පිහි ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවය.
පසුව ඔහු ගිනිගන්නා සුළු රසායනික දියර විශේෂයක් භාවිතකර එම ස්ථානයේ ගින්නක්ද ඇති කළ බව වාර්තා විය.
භීතියට පත් දුම්රිය මගීන් ප්‍රහාරකයාගෙන් බේරීමට මැදිරි අතර දිව යන අයුරු සහ දුම්රිය නතර කිරීමෙන් පසු කවුළුවලින් පිටතට පැන දිවි බේරාගැනීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය වල සංසරණය වෙයි.
එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අදාළ 24 හැවිරිදි තරුණයා ව අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වන බව මාධ්‍ය වාර්තා පැවසීය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්