මාස ගණනාවක් නවතා දමා තිබු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහන කිරීමේ කටයුතු හෙට (07දා) සිට දැනට දුම්රිය ධාවනය වන ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ප්‍රකාශ කළා.
ඒ අනුුව නරක් වන සුලු පාර්සල්, හදිසි හා සීඝ්‍රගාමී පාර්සල් ප්‍රවාහනයට නොගන්නා අතර අනෙකුත් සියලුම දෑ ප්‍රවාහනය සදහා භාර ගනු ඇති.
ඊට අමතරව කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම මත දුම්රියයන් සදහා කලින් ආසන වෙන් කර මගීන් සදහා එම වෙන් කර ගත් ආසන සදහා නැවත මුදල් ගෙවීමේ කටයුතු ද 2020 ජනවාරි මස 7 වන දින සිට ඉදිරියට ලබා දීමට අවශ්‍ය පහසුකම් ද සැලසුම් කිරීමට පියවර ගෙන ඇති බව ඒ මහතා පැවසුවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්