ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු අටදහසක් පවතින බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ‘අරුණ’ට ඊයේ (17 වැනිදා) පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය සමස්ත සේවක සංඛ්‍යාව විසිතුන්දහසක් (23,000) ක් පමණය. ඉන් අටදහසක් මෙලෙස පුරප්පාඩුව පවතී.
දුම්රිය ස්ථානාධිපති, රියැදුරු සහායක, දුම්රිය ස්ථාන නිවේදක, දුම්රිය කාර්ය සහායක, මුරකරු ඇතුළු ශ්‍රේණිවල මෙම පුරප්පාඩු තිබෙන බවත්, එම පුරප්පාඩු පිරවීමට මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් හෙතෙම කියයි.
මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කටයුතු රැසක්ම අඩාළ වී ඇති අතර මේ පිළිබඳ බලධාරීන් නිසි අවධානයක් යොමුකර නැතැයි ද පැවසේ.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ සමග පැවති සාකච්ඡාවේදී ඉදිරි මාස කිහිපය ඇතුළත කඩිනමින් මෙම පුරප්පාඩු පුරවන බවට පොරොන්දු වී ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ