තවත් දුම්රිය කිහිපයක් අද (6) සිට ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි දුම් රිය දෙපාර්තමේන්තුව පවසයි.
රට තුළ දැනට ක්රියාත්මක සංචරණ සීමා උල්ලංඝනය නොවන පරිදි ප්රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ මෙම දුම් රිය ධාවනය කරන බව එම දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් පැවසීය.
ප්රධාන මාර්ගයේ අඹේපුස්ස, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා නව දුම් රිය ගමන් වාර 6 ක්රියාත්මක අතර වේයන්ගොඩ සහ කොළඹ කොටුව අතර සීඝ්රගාමී දුම් රියක් ද ධාවනය කෙරේ.
මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සහ කොළඹ කොටුව අතර අද සහ හෙට දිනවල අමතර දුම් රියක් ධාවනය කෙරේ.
එම නව ගමන්වාර ශ්රී ලංකා දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය නිල ෆේස්බුක් පිටුවේ මෙසේ පළ කර තිබිණි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්