දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව මෙම මාසය තුළ වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.
ඒ අනුව බස් ගාස්තුවෙන් 40% ක් දක්වා දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහළ යනු ඇති.
වත්මන් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව බස් ගාස්තුවට සාපේක්ෂව 20% ක්.
මෙම වාතාවරණය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 30ක පමණ අලාභයක් සිදුවනවා.
සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ දෙපාර්තමේන්තුව දෛනිකව ඉන්ධන සඳහා රුපියල් මිලියන 45ක් වැය කරන බවයි.
ප්‍රවේශ පත්‍ර ගාස්තුව වැඩි කිරීමෙන් දෛනික සමස්ත ආදායම රුපියල් මිලියන 15කට පමණ ආසන්න වනු ඇති.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ අලාභය රුපියල් බිලියන 6කින් පමණ අඩුකර ගත හැකි වනු ඇති බවද සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පෙන්වා දෙනවා.
මේ අතර පෙර දැනුම්දීමකින් තොරව – මගීන් අපහසුතාවට පත් වන ආකාරයෙන් දුම්රිය සේවකයින් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක පිළිබඳ දෙපාර්තමේන්තු මට්ටමෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ඉන්ධන තොගවලින් දුම්රිය සේවකයින්ට රාජකාරියට වාර්තා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ තාවකාලික අවසරයක් යටතේ ඉන්ධන ලබා දී ඇති පසුබිමක මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්