දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සහ විෂයභාර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි නොකරන ලෙස සිය සංගමය විසින් බලධාරින්ට ලිඛිතව දැනුම්වත් කර ඇති බවයි.
දුම්රිය ගාස්තු වැඩි නොකර විකල්ප ක්‍රම තුළින් දෙපාර්තමේන්තුව ලබන පාඩුව අවම කරගත හැකි බව සුමේධ සෝමරත්ත මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ අතර ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 790 ක් දක්වා ඉහළ දැමීමට එම ආනයනකරුවන් තීරණය කළා.
ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතා හේතුවෙන් ඉල්ලුමට සරිලන කිරිපිටි ආනයනය කිරීමේ හැකියාව නොමැති බවයි එම සංගමය සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්