සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ක්‍රියාත්මක වනු ඇති.
දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරිවරයා මේ බව සඳහන් කළේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ග පද්ධතිය සහ දුම්රිය ස්ථානවල සිදු කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මහනුවර සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් සිටියදී හැටන් දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
මේ වනවිට කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හඳුන්වදීමට කටයුතු කර ඇති බවත් අර්ධ සීඝ්‍රගාමී කාර්යාල දුම්රියන් හඳුන්වාදී ඇති බව ඒ මහතා පැවසීය.
ඉදිරියේදී දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම් වර්ධනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඔක්තෝබර් 01 වනදා සිට සියලුම දුම්රිය ධාවන කටයුතු ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර සූදානමින් සිටියත් සෞඛ්‍ය උපදෙස් පරිදි එය නවතා දැමුණි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්