මේ වන විට දුම්රිය පාලක කාර්යාලයේ සේවයේ නියතු දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයන් ඇතුලුව 12 දෙනෙකු කොවීඩ් ආසාදිතයන් බවට පත්ව ඇතැයි දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස මෙන්ම අනෙකුත් ආශ්‍රිත දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු සේවකයින් නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් සමස්ත දුම්රිය සේවාව පවත්වාගැනීම දැඩි අනතුරකට පත්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ලංකාදීපයට සඳහන් කළේය.
මෙයට අමතරව කලුතර ,ඉඳුරුව ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක සේවකයන් කොවියිඩ්-19 ආසාදිතයින් බවට පත්ව ඇති බවත් එම නිලධාරියා පැවැසීය.
මෙවැනි තත්ත්වයක් මත දිනෙන් දින දුම්රිය සේවකයන් ආසාදිතයින් වීම ඉදිරියේ පොදු ප්‍රවාහන සේවා සැපයීම ගැටලුකාරි තත්ත්වයකට පතවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්