අවශ්‍යතාවය හමුවේ දුම්රිය මගී මැදිරි දේශීයව නිෂ්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව දුම්රිය මැදිරි 100 ක් නිෂ්පාදනය කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකයෙකු තෝරා ගැනීමට ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමි වුණා.
වර්තමානයේ අවශ්‍යතාවය අනුව මගී දුම්රිය මැදිරි 700ක් පමණ අවශ්‍ය වී තිබෙනවා.
ඉදිරි වසර පහක කාලය තුළ දුම්රිය වැදි වල අවශ්‍යතාවය අනුව 800ක් දක්වා වැඩි වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
ඉන්දියාවෙන් ලැබීමට නියමිත මෙය මැදිරි 160 සහ ලබාගැනීමට අපේක්ෂිත 140 මගින් මුළු අවශ්‍යතාවයෙන් 42%ක් සපුරන නමුත් ඉතිරිය සඳහා පිළියමක් ලෙස මේ ක්‍රියාවට නැංවීමට නියමිතයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්