නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ පසු කාර්යල දුම්රියන් පනහක් පමණ සේවයේ යෙදවීමට සුදානම් කර ඇති බව දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා පවසයි.
අවම විවේක ගනිමින් නිරෝධාන ඇඳිරි නීති කාලයේ ධාවනයේ යොදවා තිබූ ඇතැම් දුම්රියවල මෙතෙක් පැවති කාර්මික දෝෂ ,විදුලි දෝෂ,මකුණු කරදර ඉවත් කර,නව ආසන සවිකොට වර්ණ ගන්වා විෂබීජහරණය කිරීම ආදී නඩත්තු කටයුතු රාශියක් සිදු කිරීමට හැකි වූ බව ඔහු සඳහන් කරයි.
මේ වනවිට දුම්රිය ගමන්වාර 91ක් ධාවනය කිරීමට සැලසුම් කොට ඇති බව ඔහු පවසයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 33ක්, හලාවත මාර්ගයේ දුම්රිය ගමන් වාර 14ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක්, කැළණිවැලි මාර්ගයේ වාර අටක්, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 34ක් යෙදවීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බවද ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට