බස්නාහිර පළාතේ ප‍්‍රදේශ කිහිපයකට පැන වූ පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු 8 ට ඉවත් කර තිබෙනවා.
පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න මහතා ඊයේ රාත‍්‍රීයේ නිවේදනය කලේ බස්නාහිර පළතේ පොලිස් කොට්ඨාස හතකට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක බවයි.
ඒ අනුව, මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, උතුරු කොළඹ, දකුණු කොළඹ සහ මධ්‍යම කොළඹ යන පොලිස් කොට්ඨාසයන්හි පදිංචි පුද්ගලයන්ට නිවෙස් වලම රැඳී සිටින ලෙසයි උපදෙස් ලබා තිබුණේ.
පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි දුම්රිය සේවය යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා
ඒ අනුව ප‍්‍රදේශ කිහිපයක මේ වන විටත් දුම්රිය ගමනාගමන කටයුතු සිදුවන බවයි සිත නිව්ස් 24 වාර්තාකරුවන් සඳහන් කලේ.
ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.
ඒ අනුව බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි ඔවුන් කියා සිටියේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති