මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් තබන ලිපියෙන් තමන් ඉවත්වන බවට දමිළ ප්රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් ප්‍රකාශ කර සිටියේය.
කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සටන ජාතික මට්ටම ගෙනයාම සඳහා තමන් මෙම පෙත්සමට අත්සන් තැබූ බවයි. කෙසේ වෙතත් මේ හරහා තමන්ගේ 25 වසරක දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීම් කුමන්ත්රණයක ඇතැම් පිරිස් නිරතව සිටින බැවින් අදාල අත්සන ඉවත් කර ගැනීමට තීරණය කළ බව ඔහු පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්