කොළඹ කොටුව සහ මරදාන සිට පිට පළාත් සදහා ධාවනය වන දුම්රියන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා මහතා පැවසුවේ හෙට (17) සිට නැවත දැනුම් දෙන තුරු පිට පළාත් සදහා දුම්රිය ධාවනය නොවන බවයි.
කොවීඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගත් බව ඔහු පැවසීය.
පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් පිට පළාත් වල සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා දුම්රිය හතක් ධාවනය කිරීමට පියවර ගනු ලැබුවේ පසුගිය 14 වැනිදා සිටය.
පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම දුම්රියන් ධාවනය තාවකාලිකව නතර කර තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්