ඉන්දියාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික වන උද්‍යානයක ජීවත්වන දුර්ලභ ඝනයේ රයිනෝ සතුන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
එසේම තවත් සතුන් 100ක් පමණ එම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෝකයේ වැඩිම, තනි අඟක් සහිත රයිනෝ සතුන් (One horned rhinos) සිටින්නේ ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ඇති කසිරංගා ජාතික වනෝද්‍යානයේ වන අතර එම තනි අඟක් සහිත රයිනෝ සතුන් ආසියානු කළාපයට අවේනික වනවා.
මෙම කසිරංගා වනෝද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතර අවම වශයෙන් එහි එම වර්ගයේ රයිනෝ සතුන් 2,400ක් පමණ ජීවත් වන බව සඳහන්.
කෙසේ වෙතත් පසු ගියදා ඇති වු අධික වර්ෂාවත් සමග එම වනෝද්‍යානයෙන් සියයට 85ක් පමණ ජලයේ යට වී තිබෙනවා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්