දෙනියාය, මෙදේරිපිටිය පොද්දන පාලම අද (24) දහවල් කඩාවැටී තිබේ.
පාලම කඩා වැටෙන අවස්ථාවේදී ඒ මතින් ටිපර් රථයක් ගමන් කරමින් තිබී ඇති බව පොලීසිය පවසයි.
පසුගිය වසරේ එම ප්රදේශයේ ඇති වූ ජලගැලීමකදි පාවී ආ කොටයක් මෙම පාලමේ එක් ආධාරක කණුවක ගැටී එම කණුවට සිදුවූ හානියයෙන් එම පාලම එක් පසකින් පහත්වී තිබූ බව ප්රදේශවාසීන් සදහන් කරයි.
පාලම අබලන්වීම හේතුවෙන් බර වාහන ගමන් කිරීම තහනම් කර තිබූ අතර බර වාහන ගමන් කිරීමට නොහැකි වන ලෙස යකඩ කණු සවිකර තිබූ බව ප්රදේශවාසීන් පවසයි.
කෙසේ වෙතත් එ්වා ද කඩා දමා එම ටිපර් රථ එහි ධාවනය කර තිබූ බවට තොරතුරු වාර්තා වේ.
පාලම කඩා වැටීම නිසා මෙදේරිපිටිය පාසලට සහ ගම්මාන කිහිපයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ප්රදේශවාසීන් පැවසීය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ