මෙවර 73 වන ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේය.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ දේශපාලන කමිටු රුස්වීම අද (31) වවුනියාවේ පක්ෂ කාර්යාලයේදී රැස්වී එම දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතාමේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ,
‘දෙමළ ජනතාවට සිදුවන අඛණ්ඩ මර්දනයන්ට හේතුවෙන් මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කළා ඒ වගේම මෙරට සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල විශේෂ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කළ යුතුයි.
උතුරු නැගෙනහිර පළාත් වල ජීවත් වන දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මර්දනයන් පිළිබඳව අප සාකච්ඡා කරනු ලැබුවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව , මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වැනි රජයේ ආයතන විසින් අප ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම් ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හින්දු ආගමික සිද්ධස්ථාන වෙනස් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන ආකාරයක්ද වර්තමානයේ දැක ගන්න පුළුවන්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා සියලූ දෙමළ දේශපාලන පක්ෂ වල එකඟතාවය එම කවුන්සලයේ සියලූ සාමාජික රටවල තනාපතිවරුන් වෙත යැවීමට හැකිවීම පිළිඳබව සතුටු වෙනවා.
මේ අතර වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එයට අපගේ අදහස් යෝජනා දැනටමත් අප යවා අවසන්. නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් එහි ජාතික ගැටලූව සඳහා වන විසඳුමක් අඩංගු විය යුතුමයි. ජාතික ගැටලූවට විසඳුමක් නොමැති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් කිසිඳු ඵලක් අත් නොවන බව අප පෙන්වා දී තිබෙනවා.
එම කමිටුව එළැඹෙන 20 වනදා අප පක්ෂය හමුවීමට සුදානම්ව සිටිනවා. එම අවස්ථාවේදිත් අප අපගේ ස්ථාවරය දැනුම් දීමට කටයුතු කරනු ලබනවා.
ශ්‍රීලංකාවේ ජාතික නිදහස් දිනය සැමරුම් දෙමළ ජනතාව අඛණ්ඩව වර්ජනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේදි ලබා දුන් පොරොන්දු හේතුවෙන් අප ජාතික නිදහස් දින සැමරුමට මමත් සම්බන්දන් මහතාත් සහභාගි වුණා. එහෙත් එම ආණ්ඩුවත් අපට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම අමතක කළා. එබැවින් මෙවරත් අපි ජාතික නිදහස් දිනය වර්ජනය කරනු ලබනවා. යනුවෙනි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට