ඓතිහාසික දෙවනගල පුදබිම වැනි පුරාවිද්‍යාත්මක උරුමයන් රැක ගැනීමට රජය මැදිහත් වියයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසති.
උන්වහන්සේ මේබව සඳහන් කළේ දෙවනගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීය.
දෙවනගල පුදබිමේ වත්මන් තත්වය ගැන විහාරාධිපති හිමියන් මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් දැනුවත් කර තිබේ.
“මේවා රැකගන්න රජය මැදිහත් වෙන්න ඕන. භික්ෂූන් වහන්සේලා හැටියට අපිට ඒ කටයුතු කරගන්න බෑ. “ යැයි මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පෙන්වා දුන්හ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග