සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කරගත්තා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක ලකුණු සංඛ්‍යාව 65ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50 ක් ලබා ගත්තා.
එසේම මිනෝද් භානුක 36ක් රැස් කළ අතර චාමික කරුණාරත්න ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුළු 7 ක් දැවී සිටියදී, අවසාන පන්දු වාරයේදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි