පාර්ලිමේන්තුව අඛන්ඩව දෙවන දිනටත් අද (05) රැස්වීමට නියමිතව තිබේ.
ඊයේ (04) දිනයේ දී පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වූ අතර මෙම සතිය පුරාම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
ඒ අනුව අද දිනයේදී එකතුකළ බදු පනතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මේ අතර අද දිනයේ දී ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව රැස්වීමට ද සැලසුම් කර ඇත.
මීට අමතරව ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිබඳව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමට නියමිතය
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති