සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (04) පැවැත්වේ.
දිවා රාත්‍රී තරඟයක් ලෙස එම තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර පැවති පළමු එක්දින තරඟයෙන් ලකුණු 14ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
මේ අතර ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකාවට එරෙහි අද තරඟයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබේ.
ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේෂව් මහරාජ්ට හිමිව ඇත.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි