වර්තමාන කොරෝනා වෛරසය පෙර පැවති කොරෝනා වෛරසයට වඩා දැඩි ආසාදන මට්ටමකින් යුක්ත බව ඒ පිළිබඳව පර්යේෂණය සිදු කල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම විසින් අනාවරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත කොරෝනා ව්‍යාප්ති තත්වයකට මුහුණ දී සිටින අතර එය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩයෙන් ආරම්භ වූ අතර මේ වන විට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය හා අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ පර්යේෂකයින් විසින් මෙම පරීක්ෂණය පසුගියදා සිදු කරනු ලැබුවා.
මේ පිළිබඳව විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ සටහන් වන්නේ එම පරීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව ඉකුත් සමයේ මෙරට පැවති වෛරසයට වඩා මෙවර පැමිණ ඇති වෛරසය දැඩි ආසාදන මට්ටමකින් යුක්ත බවත් මේ හේතුවෙන් වෛරසය සීඝ්රයෙන් පැතිරී යන බවයි.
වැඩිදුර තොරතුරු මෙතැනින් >>> Whole genomic sequencing of the SARS-CoV2 strains resulting in the massive outbreak in Sri Lanka in October 2020 by scientists of USJ
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්