සියලුම වර්ගයේ ලන්ච් ෂීට් තහනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
දෛනිකව ලන්ච් ෂීට් මිලියන 10 ක පමණ ප්‍රමාණයක් පරිසරයට බැහැර කරන බවත් මේ හරහා විශාල පරිසර හානියක් සිදුවන බවත් ඇමතිවරයා පවසනවා. ලන්ච් ෂීට් වසර දෙකක කාලයකදී දිරා ගියද ඒ හරහා පසට එකතු වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශ වසර 200 කට වැඩි කාලයක් පසෙහි රැඳී තිබෙන බව විද්‍යාඥයන් විසින් සනාථ කර තිබෙන බවද අමරවීර මහතා සඳහන් කරනවා.
මීට පෙර 2016 වසරේදී එවක පරිසර අමාත්‍ය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලන්ච් ෂීට් තහනම් කිරීමට තීරණය කළ අතර ඊට අදාලව ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරිණි. කෙසේ නමුත් ලන්ච් ෂීට් තහනම ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. අමාත්‍යවරයා පවසන්නේ එම ගැසට් නිවේදනය බලාත්මක කිරීම හරහා ලන්ච් ෂීට් තහනම් කිරීමට කටයුතු කරන බවයි
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්