දෙසැම්බර් 21 වන දින රාත්‍රියේ ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකිය හැකි වනු ඇති බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා.
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දින වල එකිනෙකට සමීප වෙමින් පවතිනවා.
ඒ අනුව එම ග්‍රහ ලෝක දෙක එක්ව ආසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස එදිනට දිස්විය හැකි බවයි චන්දන ජයරත්න මහතා පැවසුවේ.
මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවී ඇත්තේ වසර 397 කට පෙරයි.
2080 වසරරේ මාර්තු 15 වන දින ද යළිත් මෙවැනි ග්‍රහ සංයෝජනයක් දැක ගත හැකි බව ද චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්