බැරිවෙලාත් දෙවියන් විසින් ඔබේ බලාපොරොත්තු සහ ආශාවන් ඉටු කරොත් ඔබට එක් බලාපොරොත්තුවක් ඉටු කරගෙන සෑහීමකට පත්වන්නට නොහැකිවෙවි. ඔබට දහසක් ආශාවන් සහ බලාපොරොත්තු ඇති වෙවි. ඔබගේ ආශාවන් සහ බලාපොරොත්තුවලට කෙලවරක් නැති වෙවි. දෙවියන් සිටින්නේ ඔබ තුලමයි. ඔබ ගැන විශ්වාස කරලා ධෛර්යෙන් යුතුව වැඩකරොත් ප්‍රශ්න ගැටලුවලට විසඳුම් සොයාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්න ඔබටම පුලුවන් වෙවි. ඔබ තුළ සිටින දෙවියන් ගැන විශ්වාස තබන්න..
එසේ පැවසුවද ආගම, ජාතිය සහ කුලය යන සියල්ලම මේ වනවිට දේශපාලනීකරණය වී අවසන්ය. අද්‍යතනය වන විට ආගමික ස්ථාන රටක පාලකයින් පත් කර ගන්නා ප්‍රධාන මරමස්ථාන බවට පත්ව හමාරයි.මෙවැනි කාලසීමාවක ආගම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති මහජනයා තුළ වෛරය වපුරමින් ආගමික පූජකවරුන් සිය දේශපාලන සබඳතා ඔස්සේ අසත්‍ය වපුරවමින් ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට සහය පල කරන්නේ ජනතාව මුලාවට පත් කරමින්.
වර්තමානයේ පවතින ධනවාදී ආර්ථික රටාවත් සමග ජනමාධ්‍යද ව්‍යාපාරික ස්ථාන බවට පත්ව ඇත. ඔවුන් සිය සමාජ වගකීමෙන් බැහැරට ගොස් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ කටයුතු කරමින් සිටිති.ජනතාවගේ සංඛ්‍යාත ඔස්සේ මිථ්‍යාව විශ්වාස වපුරන තැනකට මාධ්‍ය පත්ව ඇත්තේද ඒ නිසාවෙනි. එය විශ්වාස කරන මිනිසුන් සත්‍ය දැන දැන මිත්‍යාව පසුපස හඹායාමද සමාජ ඛේදවාචකයකි.
මෙම කරුණු පිලිබදව සමාජ කතිකාවක් ගොඩනැගීමට සමත් වූ චිත්‍රපටයක් ගැන තමයි මේ සටහන. ඒ 2020 වසරේ නොවැම්බර් 14 වනදා තිරගතවූ Mookuthi Amman නම් චිත්‍රපටයයි. Fantasy Comedy වර්ගයේ දමිළ චිත්‍රපටයක් වන මෙය RJ Balaji තමයි මෙහි තිරරචනය, අධ්‍යක්ෂණය වගේම රඟපෑම යන සියල්ලම සිදු කරන්නේ.RJ Balaji කවුරුත් හදුන්වන්නේ දක්ෂ ගුවන් විදුලි නිවේදකයෙක් කියලයි. හැබැයි මෙම චිත්‍රපටයත් සමග ඔහු මේ වන විට ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙකු බවටද පත්වී හමාරයි. දේව විශ්වාස ඇදහිලි පිළිබද ඉන්දිය ජනතාව තුළ පවතින්නේ දැඩි විශ්වාසයක්. සමහර ස්ථානවල දේවස්ථාන මුවාවෙන් මුදල් ගරන එහෙමත් නැත්නම් මුදල් පොම්ප කරන ස්ථානද පවතින බව දකින්න පුළුවන් වන්නේ ඒ නිසාවෙනි. එවැනි ස්ථාන සහ පුද්ගලයින් පිලිබදව Pk, O My God, ආදි ඉන්දිය චිත්‍රපට තුළින්ද සියුම්ව විවර කර තිබුණු අයුරු මීට පෙර ඔබවට මතක ඇති. ආගම සම්බන්දයෙන් මිනිස් චිත්ත චෛතිසිකයේ තිබෙන මෙවැනි මිත්යමතවාද ප්‍රශ්න කිරීම්වල ලක් කරන අයුරු Mookuthi Amman චිත්‍රපටය තුළින් ද දැක ගන්න පුළුවන්. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේදී දෙවියන් පිළිබඳ තදින්ම විශ්වාස කරන බැතිමතුන්ගෙන් සහ දෙවියන් පදනම් කරගෙන කූට ව්‍යාපාර කරන අයගෙන්නම් මේ චිත්‍රපටයට ලොකු විරෝධයක් එල්ලවෙන්නට ඇති. හැබැයි එහෙම කියලා RJ Balaji මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන එකනම් නැවත්තුවේ නැහැ.
RJ Balaji සමගින් මෙම චිත්‍රපටය ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය සපයන්නේ ලේඩි සුපර් ස්ටාර් ලෙස හැදින්වෙන නයනතාරායි.මෙහිඇති සුවිශේෂි කරුණ නම් කලකට පසුව ඇය සුපුරුදු රිද්මය වෙත පැමිණ තිබීමයි.එමෙන්ම දෙවියන්ගේ චරිතයට ගැළපෙන අයුරින් ඇඳුම් නිර්මාණය කර තිබු ආකාරය නිසාම චිත්‍රපටියෙහි වර්ණවත්බාවය ඉස්මතු වී ඇති අයුරු දකින්න පුළුවන්. සෙසු රංගන ශිල්පීන් ලෙස Soorarai Pottru චිත්‍රපටයේ ඉතාමත් දක්ෂ රංගනයක නියැලුනු Urvashi කියන නිළිය සමඟින් Smruthi Venkat, Madhu Mailankody, Moulee, Ajay Ghosh වගේ නළු නිළියන් මෙහි රංගනයෙන් එකතු වී තිබෙනවා. දැනට මෙම චිත්‍රපටය තිරගත වීමට ආරම්භ වි මාසයක් යන්නට මත්තෙන් IMDB දර්ශකයේ 6.5 ස්ථානයක් ලබා ගැනීමට හැකිවී ඇත්තේද මෙහි ඇති ජනප්‍රියත්වය නිසාවෙන්මයි
වැඩි විස්තර නොමැතිව මෙහි කතාව ගැන කෙටියෙන් කිව්වොත් RjBalaji විසින් සිදුකරන්නේ EngeelsRamasamy කියන ග්‍රාමිය තොරතුරු වාර්තාකරණයන් සිදු කරන මාධ්යවේදියෙක්ගේ චරිතයක්.තමන් ජීවත් වන ගම්මානය අවට සිදු වන මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලය සම්බන්ධයෙන් ඔහු කෙතරම් හෙළිදරව් කළ ද ඉන් පළක් නොවීය. අපක්ෂපාතිව කෙතරම් ප්රවෘත්ති වාර් තා කළද මිනිසුන් හුුරුව සිටින්නේ ප්රසිද්ධරූපවාහිනි නාලිකාවල යන විනෝදාත්මක වැඩසටහන් නැරඹීමටයි. රටේ ඉඩම් කෙතරම් මංකොල්ල කෑවත් තමන්ගේ ඉඩම නොවෙයි නම් ජනයට ප්‍රශ්නයක් නැත. මේ හේතුව නිසාම Ramasamy පසුවන්නේ දැඩි කනස්සලෙන්.
Ramasamyගේපවුලේ අම්මා ඇතුළුව නංගීලා තුන්දෙනෙක් සිටිනවා. තාත්තා ඔවුන්ව කුඩා කලදීම දාල ගිහිල්ලා. ඔහුගේ අම්මා ඉතාමත් තදබල දේව භක්තිකයෙක්. ඉතින් Ramasamy විවාහ වෙන වයසේ හිටියට කිසිම විවාහ යෝජනාවක් ඔහුට හරියන්නෙත් නෑ. පවුලේ සියලු බරකරට අරගෙන ප්‍රශ්න මැද ජීවිතය ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන Ramasamyඑක දවසක් තමන්ගේ පවුලේ පිරිස එක්කම යනවා ඔවුන්ගේ කුල දෙවියන් වන Mookuthi Amman දෙවියන් වදින්න. මේ දේවාලේ සුද්ද පවිත්‍ර කරලා දෙවියන්ට පූජා පවත්වල Ramasamy තමන්ගේ ප්‍රශ්න ගැන හදවතින්ම දෙවියන්ට කියනවා. ඉතින් එදා රෑම දෙවියන් මොහුගේ ප්‍රශ්නයට සවන්දීල දෙවියන් මොහු ඉදිරියේ පෙනී සිටිනවා. දෙවියන් විදියට ඉතාමත් ලස්සනට සැරසිලා ඉන්නේ නයනතාරායි. ඉතින් මේ දෙවියො Ramasamy ත් එක්ක කතා කරලා ඔහුට දෙවියන් වෙනුවෙන් කරන්න වැඩක් දෙනවා. ඒ තමයි දෙවියන්ගේ කෝවිල දවස් 48 ඇතුලත තිරුපති කෝවිල වගේ ජනප්‍රිය කෝවිලක් කරන එක. ඉතින් මේ වැඬේ Ramasamyට භාරගන්නම වෙනවා. තමන්ගේ පවුලේ සුභසිද්ධිය උදෙසා.
චිත්රපටයෙහි හොඳම ටික ආරම්භ වෙන්නේ ඔය සිදුවීමෙන් අනතුරුවයි. කතාව ඉදිරියට යද්දි අපට තේරුම් යනවා මිනිස්සු කොවිල්වලට යන්නේ මොනවගේ හේතුන් නිසාද? මිනිසුන්ගේ හිත්වල දෙවියන් ගැන තියෙන්නේ මොනවගේ භක්තියක්ද? ඒ වගේ දේ පිළිබදව මිනිස්සුන්ට අවිඥානය සමග තර් ක කිරීමට ඉඩකඩ සලසා දෙනවා. දෙවියන් මුවා කරගෙන මහා පරිමාණ ව්‍යාපාර කරන අය පිලිබදව මේ චිත්‍රපටයෙන් හාස්‍යයෙන් යුක්තව නිරූපණය කරන්නේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට සිතන්නට යමක් ඉතුරු කරමින්. එනම් දෙවියන් සහ මිනිසුන් අතර මැද සිටගෙන මිනිසුන්ගේ දුක් ගැටලු සහ බලාපොරොත්තු වගේ දේවල් දෙවියන්ට යවන මුවාවෙන් මිනිසුන් රවටලා මුදල් කොල්ලකන පූජකයින් වැනි පිරිස්.
බගවත්ගීතය, බයිබලය සහ කුරාණය ඇතුළු ආගමික ග්රන්ථ නිවැරදිව පරිශීලනය නොකරනපිරිස් මෙවැනි පූජකරුවන් පසුපස හඹා යමින් ද මිථ්‍යා විශ්වාසයන් අනුව කටයුතුකරමින් සිටින බව ද මෙම චිත්‍රපටිය හරහා හාස්‍යජනක සිදුවීම් හරහා පෙන්නුම් කරනවා. එමෙන්ම ආගමික පාසල් තුළින් අන්‍යාගමික දරුවන්ගේ සිත වෙනස්කරමින් තම ආගම වැළඳ ගැනීමට අනුබල දීමේ ක්‍රියාවලි රැසක් සම්බන්ධයෙන් ද ඉතා සියුම්ව පෙන්වා දී ඇති ආකාරය දැකගත හැකි විය. එයකිසිවෙකුට හානියක් නොවන අයුරින් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂකවරයා දැක්වූ දක්ෂතාවය අගනේය.
ඒ වගේම මෙහි Climax එකේ Nayanthara සුපිරි කතාවක් කරනවා දෙවියන් මුල්කරගෙන බ්‍රෝකර් වැඩ කරන පුද්ගලයන්ගේ රෙදි ගැලවෙන්න. තමන්මුහුණ දෙනු ලබන කරදරවලින් බේරියාමට උත්සහ කරනු ලබන ජනයා විවිධ දෙවිවරුන්ගේපිහිට පතා යන අතර ඉන් කිසිදු සහනයක් නොලැබීම තුළින් වෙනත් දෙවිවරුන්ගේපිහිට සොයා යාම වෙනුවෙන් තමන් තුළ සිටින දෙවියන් අමතක නොකරන ලෙස සංකල්පය අවසානයේදී ප්‍රේක්ෂකයා හමුවේ තැබීමට Mookuthi Amman අධ්‍යක්ෂකවරයා උත්සහ ගනියි. චිත්‍රපටය නැරඹුවොත් මෙම ජීවිත අත්දැකිම ඔබටත් ළගා වනවා නොවනු මානයි.
සටහන – චාරක මුණසිංහ
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව