දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේදී ජී-20 කණ්ඩායම වඩාත් වගකීම් සහගතව කටයුතු කළ යුතු බව චීනය අවධාරණය කරයි.
පසුගිය දා ජී-20 කණ්ඩායමේ පරිසර හා දේශගුණ පිළිබඳ ඇමතිවරුන්ගේ ඒකාබද්ධ සමුළුව ඉන්දියාවේ චෙන්නායි හිදී පැවැත්විණ. එහිදී දේශගුණ විපර්යාසයන්ට අදාළ වැදගත් කරුණුවලදී චීනය බාධා ඇති කළ බව ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය අද (2) මාධ්‍ය අමතමින් අදහස් දැක්වීය.
ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කළේ කිසිදු පදනමක් නැති අසත්‍ය තොරතුරු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චෙන්නායි හි පැවති සමුළුව යම් සක්‍රීය ප්‍රතිඵලයක් ලබාගෙන ඇතත් ඇතැම් රටවල් භූ දේශපාලන ගැටළු ඉස්මතු කරමින් සමුළුවට බාධා කළ බැවින් අවසානයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නොහැකි වී ඇත. මේ පිළිබඳ කණගාටුව පළ කරමින්, චීන විදේශ අමාත්‍යාංශය කියා සිටින්නේ ගෝලීය තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යමින් දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේදී ජී-20 කණ්ඩායම සතුව වැදගත් වගකීමක් ඇති බවයි. දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේදී සංවර්ධිත රටවල් තමන් සතුව ඇති හැකියාවන්, වගකීම්, යුතුකම් පිළිබඳ නිවැරදි ආකල්පයක් තිබිය යුතු ය. සංවර්ධිත රටවල් සිය වායු විමෝචනය අඩු කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට පොරොන්දු වූ සහය ලබා දිය යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේදී ජී-20 කණ්ඩායම වඩාත් වගකීම් සහගත විය යුතුයි-චීනය

More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්