හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගන්නා බවට මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ සටහනක් තබමිනි.
ටෙස්ට් තරග 90 කදී ලකුණු 4876ක් රැස් කර ඇති දෝනි එක්දින තරග 350 කදී ලකුණු 10773ක් රැස් කර ගැනීමට සමත් වුවා.
විස්සයි විස්ස තරග 98 කදී ලකුණු 1617 ක් රැස් කොට ඇති ඔහු IPL තරග 190කදී ලකුණු 4432 ක් රැස් කිරීමට සමත්ව ඇත.
දෝනිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම 2011 ක්‍රිකට් ලෝක කිරුළ සහ 2007 වසරේදී 20යි 20 ලෝක කුසලානය දිනා ගත්තේ ය.
දෝනි පවසන්නේ ක්‍රිකට් පිටියේ මෙතරම් දුරක් පැමිණීමට තමන්ට සහය දුන් සැමට ස්තූතිවන්ත වන බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්