එළඹෙන දකුණු අප්‍රිකානු එක්දින හා 20යි 20 ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පුහුණු සංචිතය කණ්ඩායම් දෙකකට වෙන් කර ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වූ තරඟයකින් ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සමත් වුණා.
අනෙක් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ දසුන් ශානකයි.
තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ධනංජයද සිල්වාගේ කණ්ඩායම පන්දුවාර 28යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටින විට ඊට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
එහිදී වනිඳු හසරංග පන්දු 59කදී නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 68ක්.
පසුව තරඟය යළි ආරම්භ වු අතර එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව දසුන් ශානකගේ කණ්ඩායමට පන්දුවාර 30ක් තුළදී හිමිවූ ඉලක්කය ලකුණු 165ක්.
කෙසේ වෙතත් ඔවුන් පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කරගෙන සිටියදී තරඟයට යළි වර්ෂාවෙන් බාධා හිමි වුණා.
ඉන් පසු තරඟය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ඔවුන් ලකුණු 136ක් රැස්කරගෙන සිටිය යුතුව තිබුණා.
ඒ අනුව තරඟයේ ජය ධනංජයද සිල්වාගේ කණ්ඩායමට හිමි වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි