දකුණු අප්‍රිකාවට එරෙහිව 01 වැනි ටෙස්ට් තරගයෙ ප්‍රථම ඉනිමෙ පන්දුවට පහර දෙමින් සිටියදී ‘කලවා ආබාධයක් නිසා ක්‍රිඩා පිටියෙන් ඉවත් වු පිතිකරු ධනංජය ද සිල්වාට සති 02 ක් පමණ යනතුරු ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් මාද්‍ය නිවේදනයකින් අද දන්වා සිටියා.
ඒ අනුව ඔහුට මෙම තරගයේ දී යළි පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව ද අහිමි වනු ඇති. ආබාධය නිසා පිටියෙන් ඉවත්ව යනවිට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු සංඛ්‍යාව 79ක් ලබා සිටියා.
ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් වී යන විට දිෙනෂ් චන්දිමාල් සමග ඔහු සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී තිබූ සබදතාව ලකුණු 131 ක්. එම සබදතාව වාර්තා අතරට එක් වුණේ සෙන්චූරියන්හි සුපර්ස්පොර්ට් පාර්ක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සදහා ගොඩනැගූඉහළම සබදතාවය ලෙසයි.
මීට පෙර කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එම වාර්තාවට උරුම කියූ අතර ඔවුන් 2002 වසරේ මෙම ක්‍රීඩාංගණයේදි ටෙස්ට් තරගයකදී තෙවැනි කඩුල්ල සදහා ලකුණු 119 සබදතාවක් ගොඩ නගා තිබුණා.
තවද ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාවට එරෙහිව සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ඉහළම ලකුණු සබදතාව වන්නේ ද ධනංජය සහ චන්දිමාල් ඊෙය් ගොඩු නැගූමෙම සබදතාවයයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..