වසරක ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවුණු කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන තිදෙනාගේ තරඟ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඔවුන්ට මෙම තරඟ තහනම පැනවූයේ පසුගිය ජූනි මාසයේ දී නිමා වූ එංගලන්ත තරඟ සංචාරයේ දී ක්‍රියාත්මක වූ ජෛව බුබුළ උල්ලංඝනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වීම හේතුවෙන්
මේ ක්‍රීඩකයින් තෙදෙනාට පැනවුණු එම තරග තහනමට අමතරව එක් අයෙකුට මිලියන 10 බැගින් වූ දඩ මුදලක් ද නියම කෙරුණා.
ඔවුන්ගේ තරග තහනම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස අදාළ ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කර තිබූ බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි