ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
ඔහු සිය සමුගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.
එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා වැඩි කාලයක් ලබාදීමට මෙලෙස ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව එහි දක්වා ඇති බව සඳහන් ය.
30 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක 2017 වසරේ ටෙස්ට් වරම් හිමි කරගත් අතර ඔහු ටෙස්ට් තරග 8කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි