බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ කලාපයේ කඳුකර ප්‍රදේශයකට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවක් සමග හටගත් ජලගැලීම් තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 34 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් බොහෝ පිරිසක් අවතැන්ව ඇති බව සඳහන්.
සහන කටයුතු සඳහා කණ්ඩායම් රැසක් යොදවා තිබෙනවා.
එරට ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පැය තුනක් ඇතුළත සෙන්ටිමීටර 26 කට ආසන්න අඛණ්ඩ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඒ හේතුවෙමන් ස්ථාන රැසක නායයෑම් සහ ගස් කඩා වැටීම් වාර්තා වී ඇති බව සඳහන්.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි