ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාමට වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
මේ පිළිබද සාකච්ඡාවක් අද පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේදීයි.
ධීවර කාර්මිකයින්ට හා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබද එහිදී අවධානය යොමුව තිබෙනවා.
මේ වන විටත් වසා දැමා ඇති ගාල්ල, බේරුවල සහ වාලච්චේන යන ධීවර වරායන් ආශ්‍රීතව කිලෝ තුන් ලක්ෂ පනස් දහසක පමණ මත්ස්‍ය තොගයක් පවතින බවටයි අනාවරණය වී ඇත්තේ.
ඒවා බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් සැලසුමක් කඩිනමින් සකස් කිරීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය වී තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ