නත්තල් දෙව මෙහෙයන් පවත්වන දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම උපදෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා යවා ඇති බවය.
නත්තල් දේව මෙහෙයන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.
“තවත් පැය කිහිපයකින් අසිරිමත් නත්තල උදාවීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කතෝලික පල්ලි, අනෙකුත් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සවස පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් නිකුත් කරනු ලැබුවා,” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග