එළඹෙන නත්තල් සමය සහ අළුත් අවුරුදු සමයේ සමස්ත ඉතාලියම අගුලූ දැමීමකට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන්.
ඒ අනුව උත්සව සමයේ අත්‍යාවශ්‍ය නොවන සාප්පු, ආපනශාලා සහ මත්පැන් අලෙවිසැල් වසා දැමීමට නියමිතයි.
නත්තල් උත්සවයට සමගාමීව දෙසැම්බර් විසි හතර වනදා සිට විසි හත් වනදා දක්වා වෙළදසල් වසා දමා සංචරණ සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා.
නව වසර උදාවට සමගාමීව දෙසැම්බර් 31 වනදා සිට ජනවාරි 3 වනදා දක්වා රට වසා දැමීමට තීරණය කර ඇති බව සදහන්.
එමෙන්ම ජනවාරි 5 වනදා සිට 6 වනදා දක්වා ඉතාලිය වසා දැමීමට ද නියමිතයි.
සති අන්තය ඇතුළු රජයේ නිවාඩු දිනයන් රතු කලාපයන් ලෙස නම් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එම දිනවලදී ඉතාලි වැසියන්ට ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ සිය රැකියා සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පමණයි.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
“තාක්ෂණය සාමකාමීව භාවිත කිරීම”පිළිබඳ චීනයේ යෝජනාවට යළි අනුමැතිය
ඇමරිකාවේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්