රටේ පවතින කොරෝනා තත්ත්වය මත පදනම්ව රට වසා දැමීමකට ලක් කරනවාද යන්න අවසන් තීරණය දෙසැම්බර් 22 සහ 23 යන දිනවල ප්‍රකාශයට පත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ දැනට පවතින තත්ත්වය අනුව නිරෝධායන ඇඳිරිනීතිය යෙදවීමට හෝ හුදකලා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.
ලෝක වසංගතයක් හමුවේ සිටින ශ්‍රී ලංකාවත් රටේ ජනතාව රට බේරා ගැනීම සඳහා උත්සව යම්කිසි පාලනයක් යටතේ පවත්වාගෙන යන බවත් ඉදිරි සති දෙකක් ඇතුළත එළඹෙන නත්තල් උත්සවය ජනතාව හැසිරෙන ආකාරයට කොවිඩ් පාලනයවීම තීරණය වන බවත් ඔහු ප්‍රකාශ කළා.
”ඉදිරි සති දෙකක් ඇතුළත එළඹෙන නත්තල් උත්සවය, වසර අවසාන උත්සව පෙර වසරවල් මෙන් ක්‍රියා කිරීමට කිසිසේත්ම අවස්ථාවක් නෑ. ජනතාව හැසිරෙන ආකාරයට තමයි කොවිඩ් පාලනයවීම තීරණය වෙන්නේ. එකට එකතු වී විනෝදවීමට මේ කොවිඩ් වසංගතය හමුවේ අවස්ථාවක් නෑ. බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් මේ තත්ත්වය තේරුම් ගනී. නිරෝධායන ඇඳිරිනීතිය යෙදවීමටවත් හුදකලා කිරීමටවත් බලාපොරොත්තුවක් නෑ. නමුත් 22 වනදා 23 වනදා වනවිට රටේ තිබෙන කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු තීරණ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් ගනු ඇති,” යනුවෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
කුකුළේ ගඟ ප්‍රදේශයේ පිහිටි සාමසාධක පුහුණු ආයතනයෙහි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවකට අද (16) පෙරවරුවේ එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව