නත්තල් දිනයදා රාත්‍රියේදී නත්තල් සීයා තෑගි රැගෙන පැමිණෙතැයි නත්තල් උත්සවය සමරන කුඩා දරුවන් විශ්වාස කරයි. පිණි මුවන් විසින් ඇදගෙන යන රථයක නැගී පැමිණෙන නත්තල් සීයා පිළිගැනීම සඳහා කතෝලික භක්තියකන්ගේ සෑම නිවසකම නත්තල් ගසක් සරසා තිබෙන අතර එම නත්තල් ගස යට නත්තල් සීයා තෑගි තබා යන බව කුඩා දරුවන්ගේ විශ්වාසයයි.
මෙවර සමස්ත ලෝකයම කොවිඩ් වෛරසය විසින් වෙලාගෙන සිටීම හේතුවෙන් සුපුරුදු පරිදි උත්සවාකාරයෙන් නත්තල් උත්සවය සැමරීමට ලෝකයේ බොහෝ දෙනෙකුට අවස්ථාව අහිමි වී තිබේ. එය වඩාත් බලපෑම් සිදු කරන්නේ කුඩා දරුවන්ටයි.
මේ තත්වය තේරුම් ගත් ලෝක සෞඛ්‍ය සංවිධානය කුඩා දරුවන් වෙත පණිවුඩයක් රැගත් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
‘අපි නත්තල් සීයාට කතා කළා. නත්තල් සීයා සනීපෙන් ඉන්නවා. ප්‍රමාද වී හෝ නත්තල් සීයා තෑගිත් රැගෙන ඔබව බලන්න පැමිණේවි.’ යනුවෙන් එම පණිවුඩයේ සඳහන් වේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග