කොකේන් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ නයිජිරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.
කොකේන් ග්‍රෑම් 774 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අධිචෝදනා නගා තිබුනා. අදාළ චෝදනා 2ට වරදකරු බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඔහුට මරණ දඬුවම නියම කළා.
2016 වසරේ ඔක්තෝබර් 04 වන දින රත්මලාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට