කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථකව කටයුතු කළ රටක් ලෙස සැලකෙන නවසීලන්ත යෙන් නැවත වරක් කොවිඩ් ආසාදිතයින් හමුවී තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ එරට විශාලම නගරය ලෙස සැලකෙන ඕක්ලන්ඩ් නගරයෙන් අද (25) කොරෝනා ආසාදිතයින් 109 දෙනෙක් හමුවී ඇති බවය.
කොරෝනා වසංගතය ආරම්භයෙන් පසු එරටින් දිනකදී හමුවූ දෙවැනි වැඩිම ආසාදිතයින් ගණන එය ලෙස සඳහන් වෙයි.
මාස දෙකකට අධික කාලයක් එම නගරය තුළ සංචරණ සීමා පනවා තිබුණ ද ඕක්ලන්ඩ් නගරය තුළ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්වී නොමැත.
මේ අතර එහි දකුණු දූපතෙන් පළමු වරට ප්‍රජාව අතුරින් ද ආසාදිතයෙක් හමුවී තිබේ. එරට පිටස්තර සමාජයෙන් ආසාදිතයෙක් හමුවී ඇත්තේ වසරකට පමණ පසුවය.
ආසාදිතයින් හමුවීමත් සමගම කොව්ඩ් සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් නැවතවරක් කල්පනා කළ යුතු බව එරට බලධාරීන් පවසයි.
මේ අතර එරට එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට ද පියවර ගෙන තිබේ. මේ වනවිට එරට එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති පිරිසෙන් 71%කට එන්නත් ලබාදී ඇති බව වාර්තා වෙයි.
More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්