නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ පිහිටි දුපත් කිහිපයක් සඳහා පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ නවසීලන්තයේ උතුරු වෙරළ දුපත ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබල භුමිකම්පාවක් සිදුවීම හේතුවෙන්.
මේ අනුව නවසීලන්තයේ ආපදා සහන සේවා ඒජන්සිය විසින් උතුරු වෙරළ දුපතේ වෙරළාසන්න පදිංචි පුද්ගලයින්ට හැකි ඉක්මනින් රට තුලට යන ලෙසත් උස් කඳු සහිත ප්‍රදේශ වලට යන ලෙසට නිවේදනය කර තිබෙනවා.
පැසිෆික් සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය ප්‍රකාශකර ඇත්තේ භූ කම්පනයේ කේන්ද්‍ර ප්‍රදේශයේ සිට කිලෝමීටර් 300ක පමණ දුරකට සුනාමි බලපෑම් ඇතිවිය හැකි බවටයි.
මෙම කම්පනයෙන් සිදුවූ හානියක් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2011 වසරේදී ද නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරට බලපෑ ප්‍රභල භූ චලනයකින් පුද්ගලයන් 185 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි