කොවිඩ් වසංගතයේ බලපෑම මධ්‍යයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය තත්ත්වයකින් පවත්වා ගෙන යෑම සඳහා පියවර කිහිපයක් ගැනීමට තීරණය කළ බව නවසීලන්තය නිවේදනය කළේය.
එරට අගමැතිනී, ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කළේ එම කරුණු මෙම සති අන්තයේ නිවේදනය කරන බවය.
ලොව පුරා ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඇති වී ඇති අවිනිශ්චිත තත්ත්වය මධ්‍යයේ නවසීලන්තය මෙම තීරණය ගෙන තිබේ.
නමුත් මෙතෙක් එරටින් එම ප්‍රභේදයේ ආසාදිතයින් හමුවී නොමැත.
එහෙත් තම රට කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් බව ජසින්ඩා ආර්ඩන් පැවසුවාය.
මේ වනවිට දැඩි සංචාරක සීමා පනවා ඇති අරටවල් අතුරින් එකකි නවසීලන්තය. පවතින තත්ත්වය හමුවේ සංචාරක සීමා තවදුරටත් මාස 5කට දීර්ඝ කිරීමට නවසීලන්තය තීරණය කළ බව ඇය කීවාය.
මෙ වනවිට නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 11,000ක් වාර්තා වී ඇති අතර මරණ 43ක්ද වාර්තා විණි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ