නවසීලන්තයේ සංචාරයක නිරත පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ආසාදිත ක්‍රීඩකයින් 6 දෙනාම නිරෝධායනය සඳහා යොමු කර කණ්ඩායමට පුහුණුවීම් සඳහා ලබා දී තිබී අවසරය ද අත්හිටුවා ඇති බවයි.
මෙම ක්‍රීඩකයින් 6 දෙනා කොවිඩ් ආසදිතයින් ලෙස හඳුනා ගෙන ඇත්තේ, නවසීලන්ත සෞඛ්‍ය නිලධාරීන් විසින් එරටට පැමිණි 53ක් වූ පකිස්ථාන සංචිතයේ සියලු සාමාජිකයින් කොවිඩ් පරීක්ෂාවට ලක් කරනු ලැබීමෙන් අනතුරුවයි.
නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, පකිස්ථාන කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු කොරෝනා මර්දන නීති කඩකරමින් හැසිරෙන අයුරු CCTV දර්ශන ඔස්සේ නිරීක්ෂණය කර ඇති බවත් මේ වනවිට ඔවුන්ට අවසන් අවවාදාත්මක දැනුම් සිදු කර ඇති බවත් ය.
මෙම තත්වය දෙරට අතර තරගාවලියට දැඩි බලපෑමක් එල්ල නොවනු ඇත. දෙරට අතර තරග තුනකින් සමන්විත 20/20 තරගාවලිය දෙසැම්බර් 18 වැනිදා ආරම්භ වන අතර ඉන් පසු දෙසැම්බර් 26 වැනිදා ටෙස්ට් තරගාවලිය ආරම්භ වේ.
කෙසේ වෙතත් පකිස්තානු කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීම කල් දැමීමට සිදු වේ. ඊට හේතුව වී තිබෙන්නේ දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට සිදුවීමයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්