ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා.
ඒ අනුව එහිදී නවසීලන්ත මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ දියුණුව උදෙසා තාක්‍ෂණය සහ දැනුම හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් පසුවන බවයි.
මිත්‍රශීලී රටක් ලෙස නවසීලන්ත රජය සමඟ ඉදිරියේදීත් සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කැප වෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නවසීලන්ත මහකොමසාරිස් වරයාට පවසා තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්