හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන 11 වන දා දක්වා Shanghai නගරයේ දී පැවැත්වෙයි. එය ඊයේ(5) ආරම්භ විය. රටවල් හා කලාප 129ක ව්‍යාපාර 3496ක් ඊට සහභාගිවී සිටී. මෙම සංඛ්‍යා දෙක ම පසුගිය ප්‍රදර්ශනයේ පැවති සංඛ්‍යාවන් ඉක්මවා යාමකි. ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාර 500ට අයත් ප්‍රබල ව්‍යවසායන් හා ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රවීණ ව්‍යවසායන් 297ක් ද ඒ අතර වෙයි. මෙය ඓතිහාසික වාර්තාමය සංඛ්‍යාවක් වීම විශේෂත්වයකි.
ආනයනය තේමා කරගත් ලෝකයේ ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනය ලෙසට, පළමුවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය 2018 වසරේදී පැවැත්විණ. එතැන් සිට මෙම ප්‍රදර්ශනය නවාකාරයෙන් යුත් චීන සංවර්ධනයේ පිළිබිඹුවක් පමණක් නොව, ඉහළ මට්ටමේ විවෘතභාවය තහවුරු කිරීමේ වේදිකාවක් බවට පත් වී ඇත.
චීනය සතු දැවැන්ත වෙළඳපොළ විදේශ ව්‍යවසායන්ගේ දැඩි ආකර්ෂණය දිනා ගෙන ඇත. විදේශ ව්‍යවසායන්ට සිය ආයෝජන හා ව්‍යාපාර සමෘද්ධිමත් කිරීම සඳහා චීනය පුළුල් භූමියක් බව Nestle China සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Fang Juntao මහතා සඳහන් කරයි.
එමෙන් ම, චීනය නව ගුණාත්මක ධාරිතාවේ සංවර්ධනය වේගවත් කිරීමෙන් ආනයන ප්‍රදර්ශනයට නවෝත්පාදන සංකල්ප ද ගෙන දී ඇත. මෙවර ප්‍රදර්ශනයේ දී, නව නිපැයුම්, නව තාක්ෂණ, නව සේවාවන් 400කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. නව ද්‍රව්‍ය මණ්ඩපයක් ද ප්‍රථම වරට එහි දැකිය හැකිය. Boston Scientific China සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් Zhang Jun මහත්මිය පවසන්නේ මෙම හත්වන ආනයන ප්‍රදර්ශනයට එක්වීමෙන් චීනයේ දැවැන්ත වෙළඳපොළ නවෝත්පාදනය කෙරෙහි දක්වන උද්‍යෝගය හා අපේක්ෂාවන් පිළිබඳව හොඳින් අවබෝධ කර ගත හැකි බවයි.
මේ අතර, ප්‍රථම චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සිට මේ දක්වා, ඌණ සංවර්ධිත රටවල් වෙත සහන සපයා ඇත. මෙවර ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා එම රටවල් වෙනුවෙන් චීනය ගාස්තු රහිත ප්‍රදර්ශන කුටි 120කට අධික සංඛ්‍යාවක් ලබා දී ඇත. ඌණ සංවර්ධිත රටවල් 37ක ජාතික මණ්ඩපයන්ට හා ව්‍යවසාය කුටිවලට ද සහාය ලබා දී ඇත. මෙවැනි රටවල් සහභාගීත්ව ආර්ථික ගෝලීයකරණ ක්‍රියාදාමයට එක්කර ගෙන, සංවර්ධන ප්‍රගතීන් පුළුල් ලෙස අත් විඳීමේ අවස්ථාව මෙමගින් සලසා දීම කැපී පෙනෙන කරුණකි.
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය