හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
2022 අප්‍රේල් මස 1 වනදා සිට එම පත්වීම බලාත්මක වන බවත් එය ඉදිරි වසර 2ක සඳහා ඔහු සහාය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
එමෙන්ම එළැඹෙන ශ්‍රී ලංකා බංගලාදේශ සංචාරයේදී ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස්, දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පියල් විජේතුංග සහ පන්දු රැකීමේ සහාය පුහුණුකරු ලෙස මනෝජ් අබේවික්‍රම කටයුතු කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි