එක්සත් ජාතික පක්ෂය ජීවමාන පක්ෂයක් බැවින් ඒය විනාශ කර දැමීමට කිසිවෙකුට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මහතා පවසනවා.
යම් දිනක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තමන් සුදුසු බව ඒක්සත් ජාතික පක්ෂෙය් ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මහතා ප්රකාශ කළා.
”මම කෙලින් කතා කරන කෙලින් වැඩ කරන දේශපාලඥයෙක්. ඒක්සත් ජාතික පක්ෂයේ මම ඉහළ තැනක ඉන්නවා. මම හිතනවා මට පක්ෂයේ නායකයා වෙන්න
පුළුවන් කියලා.
මම පක්ෂයේ නායකයා වෙලා මේ රටේ ඉහළ පුටුවට යනවා, ජනාධිපති හෝ අගමැති. මම එහෙනම් මුලින්ම වැඩ කරන්නේ නුවරඒළිය ජනතාවට. අවුරුදු 20ක් මම දේශපාලනයේ ඉන්නවා. ඒක්සත් ජාතික පක්ෂයේ 2 හෝ 3 ට මම ඉන්නවා. මට ඕනි 1ට ඒන්න.
ඒ්කට මට පොඩි තල්ලුවක් දෙන්න.”
නුවරඑළිය, දිඹුල, පතන ප්රදේශයේ පැවැති ජනහමුවකදී නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්