එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එකගතාවය පළකර තිබෙනවා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කරන්නේ සුදුසු පුද්ගලයෙකුට එම තනතුර පිරිනැමීමට තම විරුද්ධත්වයක් නොමැති බවයි.
කෙසේවෙතත් දැනට දරන එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායකත්වය සහ කෘත්‍යාධිකාරී සභික තනතුර අඛණ්ඩව දැරීමට තමන් බලාපොරොත්තු වන බවයි නවීන් දිසානායක මහතා සදහන් කර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයේ අනාගත වැඩපිළිවෙලට සහ ප්‍රතිපත්ති සඳහා පූර්ණ සහයෝගය සපයන බවද නවීන් දිසානායක මහතා විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන්.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්